රියදුරු ට්‍රයල් වේරහැරම


රියදුරු  පුහුණුවෙන් පසු  රියදුරු බලපත්‍රය වේරහැර  පරිශ්‍රයෙන් ලබා ගත යුතු   රියදුරන්ගේ   වාහන  පරික්ෂණය (ට්‍රයල්)  සඳහා   අවශ්‍යය   අංග සම්පුර්ණ  මාර්ග  පද්ධතියක්   එහි   ඉදිකරන  බව  මෝටර්   රථ  ප්‍රවාහන  කොමසාරිස්   ජනරාල්   ජගත්   චන්ද්‍රසිරි   මහතා   පැවසීය.

මෙම ඉදිකිරිම්   ලබන මාසයේ  දි  අග්‍රාමාත්‍ය   රනිල්  වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්   ඇරඹීමට   නියමිතය.

දැනට   වාහන  පරික්ෂාව  සිදු කරනුයේ   මහ  අධික  වාහන තදබදය ඇතුළු  විවිධ  දුෂ්කරතා   මේ  නිසා  ඇතිවෙයි.

එබැවින්   නව  ක්‍රියාදාමය  ආරම්භ  කරන ලෙසට  රංජිත්  මද්දුම බණ්ඩාර  මහතා උපදෙස්   දි  ඇත. මෙම ක්‍රියාදාමය  ක්‍රමයෙන්  සෙසු  පළාත්වල  ඇරඹිමට ද නියමිතය.

වේරහැර පරිශ්‍රය අක්කර   නමයක  භූමි  භාගයක  පිහිටා   ඇත. එම  භූමියෙන්   වැඩිම  කොටසක්   අදාළ  මාර්ග  පද්ධතියක තිබෙන සංඥා , හන්දි , වංගු , කඳු, සළකුණු ඇතුළු  සෑම  දෙයක්ම  අඩුවකින්   තොරව  නව  මාර්ග  පද්ධතියකට ඇතුළත්  වෙයි.