දඹුල්ල කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර දී අනතුරකට ලක් වූ පුද්ගලයකු රෝහලට ගෙන යන මුවාවෙන් මැල්සිරිපුර 13 කණුව අසලදී දමා ගිය ත්‍රීරෝද රියදුරකු සැක පිට අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
තුවාලකරු රෝහලට ඇතුළු කළ නමුත් මිය ගොස් ඇත.
ත්‍රීරෝද රියදුරා අල්ලා ගැනීමට හැකි වී ඇත්තේ අනතුර දුටු පුද්ගලයකු එහි නොම්බරය අසල හෝටල පුවරුවක ලියා තැබීම නිසා යැයි පොලිසිය පවසයි.
කොළඹ පෞද්ගලික සමාගමක රියදුරකු වන ත්‍රිරෝද රියදුරා (62) අලුත් අවුරුද්දට නැගෙනහිර මනම්පිටියේ ගෙදර අවුත් ත්‍රිරෝද රියෙන් ගෙදර යද්දී මේ අනතුර සිදු වී ඇත.

