රියදුරයි කොන්දොස්තරයි ළිඳට වැටේ


අකුරැස්ස ලංගම ඩිපෝවේ බසයක් අමලගොඩදී පාරේ විදුලි කණුවක හැපී ඉදිරිපස වීදුරුව කැඩී රියදුරා සහ කොන්දොස්තර අඩි තිහක් ගැඹුරු ලිඳකට වැටී ඇතැයි ද, කොන්දොස්තර මිය ගිය බව ද පොලීසිය කියයි.

තුවාල ලැබූ රියදුරා සහ පාරේ ගිය මගියකු රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.

පාපැදිකරුවකු අනතුරෙන් බේරා ගැනීමට යද්දී මේ අනතුර සිදු විය.