කොළඹ සිට ඇඹිලිපිටියට ධාවනය කෙරුණු පෞද්ගලික බසයකදී හිමි නමකට පහරදී බිමට ඇද දැමූ බව කියන බසයේ කොන්දොස්තර සහ රියැදුරු ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පහර දීමෙන් අතකට සහ හිසට තැළුම් තුවාල වී කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ශ්‍රී විමලාරාමාධිපති සෙවනගල ඥානවිමල හිමියන්ය.
බස් රථයෙන් දුන් ටිකට්පත අපහැදිලි බැවින් වෙනත් ටිකට් පතක් ඉල්ලුවැයි පහරදීම කළ බව ඥානවිමල හිමි පොලීසියට පැමිණිලි කරමින් කියා ඇත.