රියදුරන් නොමැතිව දුම්රිය ගමන් වාර 7 ක් නතර වේ


(යොහාන් භාසුර)

දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

රියදුරන් සේවයට නොපැමිණීමෙන් රියදුරු හිඟයක් නිර්මාණ වී ඇති බව කී ඉදිපොළගේ මහතා හැකි උපරිමයෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතුකරමින් සිටින බව ද සඳහන් කළේය.