රිය අනතුරු අවම කර දෙන ලෙස ඉල්ලා ගම්පහ පොලිසි 11ක රථවාහන ස්ථානාධිපතිවරු, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ද සමග යක්කල වීදියවත්ත ශ්‍රී විශ්නු දේවාලයේදී අද පූජාවක් කළහ.
ඔවුන් ගෙන ගිය පූජා වට්ටිය භාර ගත් දේවප්‍රිය කීනමින්න කපු මහතා දෙවියන්ට දේව කන්නලව්ව කළේය.
පොලිස් පිරිස පඩුරුද ගැට ගසා පොල් ද ගැසූහ.