රිය අනතුරින් සිඟිත්තිය මරුට


(සිතුම් චතුරංග)

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25)  සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පියා සහෝදරිය අ‍ැතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට අ‍ැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

ටිපර් රථ රියදුරා නත්තල් සාදයකට ගොස් රථය පදවාගෙන යන අවස්ථාවෙ ඉදිරියෙන් ගමන්ගත් යතුරු පැදියෙ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය. 

යතුරු පැදියෙ මියගිය දියණිය, අවුරුදු හතක්වූ වැඩිමල් දියණිය, මව සහ පියා කිලිනොච්චිය න‍්ත්තල් අසිරිය නරඹමින් ගමන්කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස මෙම අනතුරට මුහුණද අ‍ැතැයිද පොලිසිය පැවසීය.

අනතුරින් එලෙස මියගොස් අ‍ැත්තෙ කිලිනොච්චිය, කනගම්බිකුලම් පදිංචි වයස අවුරුදු දෙකක දැරියකි.