රිය අනතුරින් දෙන්නෙක් මරුට


(සිතුම් චතුරංග)

යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් මංසන්ධිය ආසන්නයේ බස් රථයක් , ටිපර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද (29) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.

යාපනය සිට නුවර බලා  ධාවනය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුපසින් පැමිණි ටිපර් රථයක් ගැටී ඇති අතර ටිපර් රථය අනතුර වලක්වාගන්නට උත්සහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී බස් රථයට පසුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ පළමුව ගැටී ඇති අතර, අනතුරුව ටිපර් රථයට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය.

එලෙස අනතුරින් ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කිලිනොච්චිය පදිංචි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 30 අතර වයසේ තරුණයින් දෙදෙනෙකි.