
(එම්.සුසිල් ප්‍රියන්ත)
යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ගාලුපාරේ අම්බලන්ගොඩ නගරයේදී අද(25) උදෑසන සිදු වූ රිය අනතුරකින් සිය දරුවා සමඟ යතුරුපැදියේ ගමන් ගත් මව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඌරවත්ත පදේශයේ පදිංචි අම්බලන්ගොඩ නගර සභාවේ සේවිකාවක වන තිස්අට හැවිරිදි ලකීෂා යසස්වි නමැත්ති දෙදරු මවක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තිය අම්බලන්ගොඩ නගර සභාවේ ආදායම් පරිපාලිකාවක් ලෙස සේවය කරන බවත් ඇය සිය යතුරු පැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා අම්බලන්ගොඩ ඌරවත්ත සිය නිවසේ සිට කොළඹ පැත්තට එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
යතුරු පැදියේ ගමන් ගත් ඇයට සිය යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව ලොරිය පැත්තට වැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

