රිය අනතුරින් දෙදරු පියා මරුට


 

(කේ. බුද්ධික කුමාරසිරි)

පාදුක්ක - හොරණ මාර්ගයේ නගරය ආසන්නයේ දී යතුරුපැදියක සහ ටිපර් ලොරි රථයක් ගැටීමෙන් යතුරු පැදියෙහි ගමන් ගත් 68 හැවිරිදි දෙදරු පියෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

අද (20) පෙරවරු හතට පමණ මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදිය හොරණ දෙස සිට පාදුක්ක දෙසට ධාවනය කරමින් සිටියදී එම දෙසටම ධාවනය කල ටිපර් රථය යතුරු පැදියෙහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
 
අනතුර සිදු වීමත් සමග යකුරු පැදිය මාර්ගය දෙසට පෙරලීම නිසාවෙන් ටිපර් රථයයෙහි පිටුපස රෝදයට පැදිකරුගේ  හිස හසු වී  ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ  මහවිල මිරියගල්ල පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පට්ටියගේ නිමල් ඇන්තනි ගෝමස් නමැති 68 හැවිරිදි දෙදරු පියෙකි