රිය අනතුරින් දැරියක් මරුට


(චමිලා අල්විස්)

හොරණ දෙස සිට ඉංගිරිය දෙසට දරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවක්  පසුපසුපසින් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටීමෙන් අවුරුදු අටක් වයසැති  දියණියක් මියගොස් මව සහ තවත් දරුවෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ බව හොරණ පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකි.

අනතුරෙන් පසු හිස  බරපතල තුවාල වු  වැඩිමහල් දරුවා මියගොස් ඇති බව හොරණ රෝහල් ආරංචි මාර්ග පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ සිදු කරති.