පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගමට ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි මහව පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ තිදෙනකි. ඔවුන් ගම්පහ සිට අනුරාධපුරය දක්වා යද්දී මෙම අනතුර සිදු වී ඇත.