රිය අනතුරින් තරුණයෙක් මරුට


 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මාලඹේ තලාහේන ප්‍රදේශයේදී, තරුණයන් දෙදෙනෙකු ගමන් ගත් යතුරුපැදියක්. මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනෙක් තරුණයා බරපතල තුවාල ලැබූ බව තලංගම පොලිසිය කියයි කියයි.

අනතුරින් මියගොස් තිබුණේ බත්තරමුල්ල ශ්‍රී සුභූති පුර ගැමුණු මාවත පදිංචිව සිටි ඔමිදු පබසරද සිල්වා 21තරුණයෙකි.

තරුණයන් දෙදෙනා ගමන් ගත්ත යතුරුපැදිය මාලබේ සිට බත්තරමුල්ල දෙසට පැමිණීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ යතුරුපැදිය ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදිය ධාවනය කළ මිය ගිය තරුණයාගේ වරදින්  මෙම අනතුර වී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බරපතල තුවාල ලද අනෙක් තරුණයා මුමුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.