රිය අනතුරින් 4 ක් රෝහලට


(සුමිත් පොතුපිටිය)

පානදුර දිබ්බැද්ද හන්දියේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ළමුන් දෙදෙනකු ඇතුලු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති බව පින්වත්ත පොලිසිය සදහන් කරයි .

අනතුරෙන් රෝහල්ගත කරර ඇත්තේ ගැබ් රථයේ ගමන් ගත් සිව් දෙනකු බව පොලිසිය පවසයි.

කැබ් රථය පානදුර දෙස සිට මාදුපිට්ය  දෙසට ගමන් කර ඇති අතර, මෝටර් රථය අතුරු මාර්ගයකින් එම මාර්ගයට යොමු කිරීමේදී එකිනෙක ගැටී ඇති බව පොලිසිය පවසයි.

වාහන දෙක එකිනෙක ගැටීමත් සමගින් ගැබ් රථය රෝද හතරම උඩ අතට සිටින සේ පෙරළී ගොස් ඇති බව දැක ගත හැකි විය.තුවාළ ලැබූ සිව්දෙනාම පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.