රිමාන්ඩ් කිරීමෙන් පසු හම්බන්තොට පුරපති ලෙඩවේ


2014 මාර්තු මාසයේදී පොලිසියේ සිටි සැකකරුවකු පැහැර ගත්තැයි සැකපිට අද යළිත් රිමාන්ඩ් කැරුණු හම්බන්තොට පුරපති එරාජ් ප්‍රනාන්දුට පපුවේ අමාරුවක් හැදී හම්බන්තොට රෝහලට ඇතුළු කරනු ලැබීය.

මැයි 20 දක්වා යළි රිමාන්ඩ් කළ ඔහු තංගල්ල බන්ධනාගාරයට රැගෙන යාම සඳහා උසාවියේ රඳවා සිටියදී පපුවේ අසනීපයක් ඇති බව පැවසූයෙන් වහා රෝහලට යැවිණි.