රිතික් 'තුම් බින් 2' කට්ටියට සුබපතලා


2016-11-23-ent-90

නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ අනුබම් සිංගේ ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටය අති සාර්ථක වීමට තමා එකසිතින් සුබපැතූ බව සුපිරි බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් මාධ්‍යයට පවසා ඇත.

මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමෙන් පසුව සිය අදහස් දක්වමින් රිතික් පවසා තිබුණු අතර, ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටය මේ වසරේ තිරගත වන සුන්දරම ආදර කතාව රැගත් චිත්‍රපටය බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම නේහා ෂර්මා මෙන්ම නවකයන් ලෙස බොලිවුඩ් සිනමාවට එක්වු අෂිම් ගුලාටි හා ආදිත්‍ය ශෙල් දෙදෙනා මෙහි ඉතා ඉහළ රංගනයක යෙදෙන බවද ඔහු පවසා ඇත. මෙම චිත්‍රපටය තිරගත වන දිනයේදීම ජෝන් හා සොනක්ෂි රංගන ‘ෆ්‍රොක්ස්’ දෙවැනි චිත්‍රපටයද තිරගත වන අතර, රිතික් එම චිත්‍රපටය පිළිබඳව කිසිත් නොකියන්නට මෙහිදී වගබලාගත් බව මෙම තොරතුරු සඳහන් කර සිටියි.

 

2016-11-23-ent-91
2016-11-23-ent-92