රිටිගල පුරා විද්‍යා ස්ථානයේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආධාර එකතු කිරීමට යොදා ඇති පෙට්ටිය නිසි පරිදි මුද්‍ර නොතැබීම සහ තවත් චෝදනා කිහිපයක් මත රිටිගල පුරාවිද්‍යා ස්ථානය භාර නිලධාරීගේ රාජකාරි තහනම් කළ බව ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතාගේ කාර්යාලයය කියයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි.
රිටිගල පුරා විද්‍යා ස්ථානයේ අක්‍රමිකතා ගැන මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා හෙළි කිරීමෙන් පසු ස්ථාන භාර නිලධාරී මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිල්ලක් ද කර තිබිණි.
එම පැමිණිල්ල විභාග කිරීමට පැමිණෙන ලෙසත්, නොපැමිණියහොත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය මාධ්‍යවේදියාට ලිකිතව දැන්වීය.
මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිලි කිරීම ගැන අද විරෝධතාවක් ද පැවැත්වුණු අතර පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා එම පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේය.

