උතුරු මැද පළාතට හා ඓතිහාසික රිටිගලට ආවේනික අභාවයට යන සම්ප්‍රධායික නැටුම් ගැයුම් උළෙලක් පලුගස්වැව මහා විද්‍යාලයයේදී පැවැත්විණි.
පලුගස්වැව ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සංස්තෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම ‘රිටිගල පාමුල සාහිත්‍ය කලා මංගල්‍යය ‘ සංවිධානය කැර තිබිණි.
අංගම්පොර සටන් කවි, ගිනි සිසිල, පාරම්පරික බිලි ශාන්ති කර්ම,ඉපැරණි ජන ක්‍රීඩා,ජන ගායනා,ජන නැටුම්, ආදී රංගනයන්ගෙන් මෙම අවස්තාව හැඩවිය.