රිට් පෙත්සමට වගඋත්තර බඳිති


සී.එස්.එන් නාලිකාවේ විකාශන බලපත‍්‍රය අත්හිටුවීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු වගඋත්තරකරුවෝ අභියාචනාධිකරණය හමුවේ අද (17) විරෝධතා ගොනු කළහ.
ඊට ප‍්‍රතිවිරෝධතා ලබන මස 16 වැනිදා ගොනු කරන ලෙසද අධිකරණයෙන් තවදුරටත් නියෝග කෙරිණි.
පෙත්සම්කාර රූපවාහිනි නාලිකාවට ලබා දී ඇති සංඛ්‍යාතය එදින තෙක් වෙනත් අයෙකුට පැවරීමකින් තොරව පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණයෙන් දැනුම් දුන්නේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එස්.තුරෛයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.