රෑ 11ට යාචකයන් මහේස්ත්‍රාත‍් ළඟට


බදාදා රාත්‍රී 11.05ට මහරගම නිවසට ඉදිරිපත් කළ යාචකයන් හය දෙනකු පසුදා පහන්වන තුරු කෑම බීම, ඇඳුම් පැළැඳුම් හා නවාතැන් පහසුකම් දී පොලිසියේ රඳවා ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලිසියට නියෝග කළේය.

යාචකයන් පිරිස ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රශ්න කළේ ඔවුන්ගේ බල ප්‍රදේශයේ මේ වෙලාවේ වෙනත් කිසිම අපරාධයක් සිදු නොවන්නේ ද යන්නයි.

රාත්‍රී 11.05ට බන්ධනාගාර නිලධාරීන්ට ඔවුන් භාර දීමට නොහැකි හෙයින් ඔවුන් පොලිසියේ නවතා ගන්නැයි මහේස්ත්‍රාත් ඔවුනට උපදෙස් දුන්නේය.