රැස්වීමට යන්න මොරටුව උප පුරපතිට අවසර


මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව නගර සභාවේ උප සභාපති සුජිත් පුෂ්පකුමාර සිකුරාදා (26) මොරටුව නගර සභාවේ මාසික සැසිවාරයට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එම් එම් මිහාල් මහතා බන්ධනාගාර අධිකාරියට   නියෝග ලබා දුන්නේය.

සැකකාර සුජිත් පුෂ්පකුමාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම අවසරය ලබා දුන්නේය.

පසුගිය පෙබරවාරි 3 වැනිදා මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කැරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින  මොරටුව නගර සභාවේ උප  සභාපතිද, එස් ධනුක ෂෙරෝන්, සුදේශ ධනුෂ්ක ප්‍රනාන්දු, නිපුණ සම්පත් ප්‍රනාන්දු සහ රමේෂ් දිල්රුක් මැන්දිස් යන සෙසු සැකකරුවෝ ද ලබන මැයි නව වැනිදා දක්වා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.