පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියක් සඳහා කොළොන්නාව උමගිලිය ක්‍රිඩාංගණයේ ඉදි කළ වේදිකාවට අද(24) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සංවිධායකයෝ කියති.
එම සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
සුදු වෑන් රියකින් අවුත් වෙඩි තැබු බව පැමිණිල්ලේ දැක්වේ .කිසිවකුටත් තුවාල සිදු වී නැත.

