රැස්වීම පැවැත්වෙද්දීම ලග්ගල ප්‍රා.සභා ගොඩනැඟිල්ලේ සීලිම බිම


(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - ලග්ගල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වු අද (15) පෙරවරුවේ සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටුණු බව සභාපති බුද්ධික සේනාරත්න මහතා පවසයි.

අද (15) පෙරවරු 9.00 ට පමණ ආරම්භ වූ මාසික සභා රැස්විම අතරතුර එකවරම සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටුණු බව සභාපතිවරයා කියා සිටියේය.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී සභා ශාලාවේ මන්ත්‍රීවරු 15 දෙනෙකු සිටි බවත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් හෙතෙම කීය.

සිද්ධියෙන් පසු මාසික සභා රැස්වීම අවසන් කිරිමට සිදුවු බව ද අප කළ විමසීම දී සභාපති බුද්ධික සේනාරත්න මහතා පැවසීය.