සරසවි අධ්‍යපානය ලබන රුචී විජේසුන්දර ගීත ක්‍ෂේත්‍රයට පිවිසී සිටියි. ගීත කිහිපයක් තුළින් රසික හදවත් පුබුදුවා ලන ඇයගේ අලුත්ම තොරතුරු ‘සාරවිට’ අපිට මෙලෙසින් පැවසුවෙමු.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම රුචී විජේසුන්දර. මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසාන වසරේ ඉගෙනීම් කටයුතු කරනවා. ඊට අමතරව ගායන කටයුතුවල නියැළෙනවා.
ඔබ කලාවට යොමුවුණේ කොහොමද?
පොඩි කාලේ ඉඳන්ම කලාවට ලොකු ආසාවක් තිබුණා. ගායන හැකියාව පොඩි කාලයේ ඉඳන්ම තිබුණා. සංගීතය ඉගෙන ගත්තා. විශාරද විභාගය සඳහාත් පෙනී සිටියා. ඒ හේතු නිසා ගායනයට යොමුවුණා.
ඔබේ වෘත්තීය කලාව වේවිද?
නැහැ. මම මූල්‍ය කළමනාකරණ ඉගෙනීම් කටයුතු තමයි කරන්නේ. ඒ අංශයෙන් තමයි රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ සමගම ගායනයත් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ.
ඔබේ නිර්මාණ ගැන කතා කළොත්?
දැනට ගීත හයක් කරලා තියෙනවා. මුලින්ම ‘සඳ කඩා වැටි’ කියලා ගීතයක් කළා. නාරද විජේසූරිය එහි පද රචනය කළා. සංගීතය සැපයුවේ කංචන කුමාර. ගීත සඳහා රූප රචනා කීපයක් කළා. ඉන් වඩාත් ප්‍රසිද්ධියක් ලැබුවේ ටෙහාන් පෙරේරාගේ ‘උණුහුම 2’ සඳහා කළ ‘ආරාධනා’ කියන පිළිතුරු ගීතය. ඒ ගීතයෙන් තමයි රසිකයන් මාව හඳුන ගත්තෙ.
ඔබගේ සෑම ගීතයක්ම ඒකාකාරීද? නැතිනම් විවිධත්වයක් තියේද?
ගීත හයම ප්‍රේමය සම්බන්ධ ගීත. ඒකාකාරී නැහැ. රැල්ලට යන සිංදු ගොඩක් මගෙ අතින් කෙරෙන්නේ නැහැ.
ප්‍රේම ගීත කියනදේත් අද රැල්ලක් වෙලා. ඉන් ඔබ්බට ගීත නිර්මාණයක් ගැන අදහසක් නැද්ද?
මට ගීතයක් ලැබුනම මම ඒකට ආසයි නම් මම ඒක ගායනා කරනවා. දැනට ලැබුණ ගීත බොහොමයක් කළේ ඒ විදියට. එහෙම නැතිව මෙනමම දෙයක් කරන්න කියලා හිතලා නැහැ. වෙනම විදියක ගීතයක් ලැබුණොත් එය ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.
දැනට එළිදක්වලා තිබෙන ගීත පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
ඔව්, මගේ ගීත ගැන මම තෘප්තිමත්. මම ගීතයක් ගායනා කරන්නේ මට රසවිඳින්න පුළුවන් නම් විතරයි. මොකද ගීතයක් කියන කෙනාට රසවිඳින්න බැරිනම් ඒක කාටවත් රස විඳින්න බෑ කියලයි මගේ අදහස. මට ඒ ගීත දැනෙනවානම් තමයි මම ඒ ගීත ගායනා කරන්නේ.
ඉදිරි කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන කතාකළොත්?
‘හීන වස්සානය’ කියලා අලුත්ම ගීතයක් මේ දවස්වල නිර්මාණය කරමින් ඉන්නේ. තවම වැඩකටයුතු නිමාවෙලා නැහැ. ළඟදීම එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සමගම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. විශ්වවිද්‍යාලයේ අවසාන වර්ෂයේ ඉගෙනීම්කටයුතු ආරම්භ වුණා. ඉගෙනීම හා සංගීතය සමබරව කරගෙනයන්න බලාපොරොත්තු වෙනවා.
ඔබට සහාය දුන් මතක් කළයුතු පිරිසක් ඇති?
විශේෂයෙන්ම මගේ අම්මාටත්, කුඩා අවධියේ සිට මේ දක්වා මට සංගීතය උගන්වපු සියලුම ගුරුවරුන්, මගේ ගීත නිර්මාණයට දායක වුණු සියලුම නිර්මාණකරුවන් ඇතුළු සහාය දුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.



