බම්බලපිටියෝ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ සිටි පොලිස් සාමාජිකයන් හතර දෙනකු ඇතුළු සහ දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම් සහබ්දීන් මහතා නියෝග කළේය.
උප පොලිස් පරීක්ෂක ලක්මිණ ඉන්දික බඹුණුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව, කැළුම් රංග දිසානායක, ව්‍යාපාරිකයන් වන ක්‍රිෂාන්ත කෝරළගේ සහ මොහොමඩ් ෆවුස්ඩීන් එලෙස රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.