ගෘහසේවිකාවක ලෙස අබුඩාබි රටට ගොස් වසර 17 ක් තිස්සේ කිසිඳු අනන්‍යතා සහතිකයක් හෝ හැදුනුම්පතක් නොමැතිව එරට පොලිසියට අසුවේ යැයි බියෙන් සැගවී ජීවත්වු විනීප්‍රීඩා ෆොන්සේකා(68) නම් ශ්‍රී ලාංකික කාන්තාවක එරට දේවස්ථානයක සිහිසුන්ව ඇද වැටී සිටියදී රෝහල් ගත කොට මහත් පරිශ්‍රමයක් දරා දිවි බේරා මෙරටට රැගෙන ආ දිරිය ශ්‍රී ලාංකික දියණියක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපට හමු විය.
මොරටුවේ පදිංචි රොමේන් ශාන්ති කාරියවසම් නම් වු මෙම තරුණිය දැඩි අසාධ්‍ය තත්වයෙන් අබුඩාබි හි දේවස්ථානයක සිහිසුන්ව බිම වැතිර සිටි විනීප්‍රිඩා මහත්මිය රෝහල ගත කිරීමට කටයුතු කර තිබු අතර ඇයගේ භාරකරු ලෙසද ඉදිරිපත් වී ඇත.
එතැන් සිට තම රැකියාවද පසෙකලූ රොමේන් විවද අභියෝග වලට මුහුණ දෙමින් රෝහල් ගත කළ විනීප්‍රීඩාගේ සුවදුක් බැලීමටත්, කිසිදු ලියවිල්ලක් නොතිබු විනීප්‍රීඩා පිළිබඳව අබුඩාබි තානාපති කාර්‍යාලයට දැන්වීමටත් කටයුතු කළාය.
විනීප්‍රීඩා සුවපත් කරගැනීමට අබුඩාබි තානාපති කාර්‍යාලයද ඉමහත් කැපවීමකින් කටයුතු කර ඇතී අතර අබුඩාබි තානාපති මහින්ද බාලසුරිය මහතාද රෝහලට පැමිණ විනීෆ්‍රීඩාගේ සුව දුක් සොයා බැළුවේය. ඔහු ඇය යම් තරමකට සුව වූ පසු යළි ශ්‍රී ලංකාවට එවිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
තානාපති කාර්‍යාලයේ පළමු ලේකම්වරුන් වන විශ්ව දිසානායක, එම්.ඊ.ජී සමරවීර, තෙවන ලෙක්ම් රුවන් ගුණතිලක, භාෂා පරිවර්තක සුහාහිර් අලහර් සහ දුම්න්ද සතරසිංහ, අනුර ගුණසේකර යන නිලධාරීහු ද රොමේන්ගේ සහාය ඇතිව විශාල පරිශ්‍රමයක් දරා විනීප්‍රීඩා සුව කරගැනීමට කටයුතු කර ඇත.
කිසිදු ලියවිල්ලක් විනීප්‍රිඩා සතුව නොතිබු බැවින් ඇයව මෙරටට එවීමට අවශ්‍ය ආගමන විගමන කටයුතු කර ගැනීම ඉතා දුෂ්කර කාර්‍යයයක් වී ඇත. කෙසේ වෙතත් අවසානයේ සියල්ලෝ එක්ව දුන් සහයෝගය නිසා රෝහලෙන් සිපිරි ගෙට යාමට සිටි විනීප්‍රීඩා යලි මෙරටට පැමිණීමට තරම් වාසනාවන්ත වූවාය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඥාතීන් සමගද කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොතිබු විනීෆ්‍රීඩාව මෙරටට රැගෙන විත් ඥාතීන්ට බාර දීම තිබුනේද රොමේන් විසිනි.
විනීෆ්‍රීඩාගේ කතාවද මැද පෙරදිග යාමට පෙරුම් පුරාගෙන සිටින අපේ කාන්තාවට කදිම පාඩමක් උගන්වා ඇත. ඇය හඩමින් අප හා පැවසුවේ
‘‘මම මීට වසර 17 කට කලින් අබුඩාබි ආවේ. ඒ වෙනකොට සැමියා හා මම නීතියෙන් වෙන්වී සිටියා. දරු දෙදෙනාත් ඔහුගේ දෙමාපියන් බාරයට ගත්තා.
මගේ තනිකම සහ ඒ සිද්ධියේදී ඇති වු මානසික පිඩනය නිසයි මම මැද පෙරදිග ආවේ. මම මුලින්ම හිටියේ ජර්මන් යුවලක් ලග. ඒ අයගේ කොන්ත්‍රාත් කාලය ඉවරවුනාම මාව අරාබිකාරයෙකුට බාර දුන්නා.
ඔහු මගේ ගුවන් ගමන් බලපත්‍රය, හැදුනුම් පත ඇතුළු සියිළුම ලියකියවිලි අරගත්තා. ඒ විතරක් නෙමෙයි මට දිගටම අබුඩාබි වල ඉන්න හදලා දෙන්නම් කියලා ඩිරාම් 5500 කුත් ගත්තා. ඉන්පසු අද දෙන්නම් හෙට දෙන්නම් කිය කිය මග හැර සිටියා.
මේ වෙන කොට මම ලංකාවේ ඥාතීන් සමග සම්බන්ධතාවයක් පැවැත්වුයේත් නැහැ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටද මාව අමතක වී තිබුනා.
මැද පෙරදිග තනිවු මා ලංකාවට යාමට කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. එයට හේතුව වුනේ මා අත කිසිදු ලියවිල්ලක් තිබුනේ නැති නිසා පොලිසියෙන් අල්ලා ගනීවි යැයි දැඩි බියක් මා තුල ඇති වී තිබුනා.
ඔහොම ඉන්නකොට ලංකාවේ කාන්තාවන් කිහිපදෙනෙකු ඔවුන් නවාතැන්ගෙන සිටි තැන මට නවාතැන් දුන්නා. ඔවුනුත් මා මෙන්ම ලියකිය විලි නැතිව ඉන්න අය. ටික දවසක් යනකොට මා ඒ ජීවිතයට හුරු වුනා. අදුනන අයගේ මාර්ගයෙන් ජීවත්වෙන්න ඕන නිසා තැන් තැන් වල සුළු සුළු වැඩ කළා. ඒත් හොරෙන් හොරෙන් කළේ.
මේ වෙනකොට මා මානසිකව පිරිහිලා වැටිලා තිබුනේ. ලංකාවේ ඥාතීන් සමග තිබුන සම්බන්ධකම් නැතිවෙලා ගියා. මට නිතර නිතර හැදුන වේලූන කැස්සක් තිබුනා. රෝහලකට ඇතුලත් වෙන්න විදිහක් නැහැ හැදුනම් පතක් නැති නිසා. මේ රෝහල් වල හැදුනුම් පතක් නැතිව ඇතුලත් කරගන්නේ නැහැ. එහෙම ගියාම පොලිසියට අහුවෙයි කියලත් බයක් තිබුනා.
මගේ අසනීප තත්වය දිනෙන් දින උග්‍ර වුනා. කැස්ස එන්න එන්නම වැඩිවුනා. මා නවතැන් ගෙන සිටි ස්ථානයේ සිටි කාන්තාවන් පවා මා රෝහලකට ගෙන ගියේ නැහැ. ඔවුනුත් අහුවෙයි කියා ඔවුන් මා ප්‍රථීකාර ගන්නවාටත් එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ.
ඔය අතරෙදි තමයි මම දසවක් පල්ලියට ගියේ. එතනදි මම කලන්තේ දාලා වැටිලා තියෙනවා. මේ රොමේන් ශාන්ති දුවත් පල්ලියට ඇවිත් තියෙනවා. වැටිලා හිටපු මාව දැකලා එයා ඇමිබියුලන්ස් එකකට කතා කරලා භාරකරායා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි අබුඩාබි තානාපති තුමා මාව බලන්න ආවා. මැරන්න ගිය මාව හිරේට යවන්නේ නැතුව ලංකාවට එන්න ලැබුනේ තානාපති තුමත් ඒ නිලධාරීනුත් මා වෙනුවෙන් කැප වී ක්‍රියා කළ නිසයි. මා ඔවුන්ට සදා නය ගැතියි‘‘.
නාදුනනා රටක නාදුනනා ගැහැනියකට දියණියක් වු රොමේන් ශාන්ති තම රැකියාව පවා අහිමි කරගනිමින් තමා කළ මෙහෙවරේ අවසානය පිළිබඳදව තෘප්තිමත්ව කතා කරන්නීය.
‘‘මම පසුගිය සැපතැම්බර් 14 වෙනිදා දවල් පුජාවට අල් මුෂරීෆ් වල ශාන්ත ජෝසප් දේවස්ථානයට ගියා. විනිෆීඩා නැන්දාව මම කලින් දැකලා තියෙනවා පල්ලියට එනවා. ඒත් කවදාවත් කතා කරලා නම් තිබුනේ නැහැ.
මම වෙනත් අයෙකුගෙන් දැනගත්තා ලංකාවේ කෙනෙක් කලන්තෙ දාලා වැටිලා ඉන්නවා කියලා. මම එතනට යනකොටම ඉන්දියානු ජාතිකයෙක් ‘999‘ අංකයට කතා කරලා ගිලන් රථයක් ගෙන්නුවා.
සහන සේවකයෝ කිව්වා බරපතල රෝගියෙක් රෝහලට ගිනියන්න වෙනවා භාර කාරයෙක් ඉදිරිපත්වෙන්න කියලා.
මුලින්ම කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නැහැ. මෙයා කව්ද කියලවත් දන්නේ නැති වුනත් ලංකාවේ කාගේ හරි අම්මා කෙනෙක්නේ කියලා හිතාගෙන මම භාරකාරයා වශයෙන් ඉදිරිපත් වුනා.
ඇත්තටම ඇය හරිම වාසනාවන්තයි මොකද ඇයව අරගෙන ගියේ ඒ රටේ රජතුමාගේ නමින් තියෙන ෂේක් කළීෆා කියන ඉතාම උසස් තත්වයේ රෝහලකට. සාමාන්‍ය කෙනෙකුට ඒ වගේ රෝහලකට ප්‍රථීකාර සඳහා ඇතුළු වීමටත් හරිම අමාරුයි.
ඇය ඇතුළු කරලා ඇය ගැන විස්තර හොයලා බැළුවම තමයි මම කරපු වැඩේ බරපතලකම තේරුනේ.
මොකද අවුරුදු ගානක් මෙයා මේ රටේ හොරට ඉදලා. අඩුම ගානේ හැදුනුම්පතක් වත් තිබුනේ නැහැ. මම තානාපති කාර්‍යාලයට කතා කරලා ඇය ගැන විස්තරේ කිව්වා.
මෙයාව විදේශීය වෛද්‍යවරු පවා පරීක්ෂා කළා. හිතාගන්න බැරි තරමට මෙයා ගැන ඒ වෛද්‍යවරු සොයා බැලූවා. පසුව අල් ජසීරා රෝහලට මාර කළා.
ඇගේ පෙනහළුවල වතුර තිබුනා. වෛද්‍යවරු ඒ වතුර අයින් කළා. ඇයට පෙනහළු පිළිකාවක් ඇති බව කිවු වෛද්‍යවරු ඇයවද දැනුම්වත් කළා. වෛද්‍යවරු කිව්වා ලොකු මුදලක් මෙයා වෙනුවෙන් වැය කරන්න වෙනවා කියලා.
අපි ඇය ගැන විස්තර වෛද්‍යවරයාට කියා අනුකම්පාව ලබා ගත්තා. පහුවදා ඇය ගැන සාකච්ඡාවක් තියෙනවා තානාපති නිලධාරීන් එනවා භාරකාරයටත් එන්න කියා වෛද්‍යවරු කිව්වා.
ඇගේ පිළිකාව පපුවේ වම් පැත්තේ ඉඳලා දකුනට ගිහින් බඩටත් ගිහින් තියෙනවා මෙයාට විශේෂ ඛෙහෙත් හතරක් දෙන්න වෙනවා. පලවෙනි ඛෙහෙත ඩිරාම් විසිපන්දහසක්, ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ අටකට ආසන්න ගානක්. දෙවැනි ඛෙහෙත ඩිරාම් පනස්දෙදාහක් කිව්වා.
අපි ඇගේ විස්තර කිව්වාම විශේෂ අනුකම්පාවක් ඇයට ලැබුනා. ඔවුන් ඒ අනුකම්පාව නිසාම පළමු ඛෙහෙත ඇයට නොමිලේ ලබා දුන්නා. තානාපති ආචාර්‍ය මහින්ද බාලසුරිය මහතාත් රෝහලට ඇය බලන්න ආවා. මම හිතන්නේ මැදපෙරදිග තානාපතිවරයෙක් මෙවැනි රෝගියෙක් බලන්න ආ පළමුවැනි අවස්ථාව මෙය වෙන්න පුලූවන්.
තානාපති නිලධාරීන් සියළු දෙනාම ඔවුන්ගෙන් විය යුතුකම් සේරම නොපිරිහෙලා ඉටු කළා.
ඊලගට අපිට ඔන කළේ මෙයාට ලංකාවට එන්න අවශ්‍ය ලියිකියවිලි ටික හදාගන්න. අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියේ ටිකක් බයෙන්. මමයි සමරවීර මහත්තයයි භාෂා පරිවර්තකයි ගියේ. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඒ රටවල් වල නීති තද නිසා ඇයව බන්ධනාගාර ගත කරන්නත් ඉඩ තිබුනා. අපට උවමනා වුනේ ඇයව රෝහලෙන් මුදා හළ විගස ලංකාවට ගෙනි යන්නයි.
තානාපති නිලධාරීන් ඇයගේ අසනීප තත්වය ගැන ඔවුන්ට පැහැදිලි කර අනුකම්පාව ලබා ගැනීමට සමත් වුනා.
මෙම් ක්‍රියා දාමය සිදුවුනේ එකින් එක. එක දවසකට ඇගේ විස්තර සැපයෙව්වා. තවත් දවසක ඇගේ වෛද්‍ය වාර්ථා ඉදිරිපත් කළා. දින කිහිපයක් යද්දී ඔවුන් ඇයට රටින් පිටවීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දුන්නා. රෝහලෙන් ලියුමකුත් ලබා ගත්තා.
එහිදී අපට ඔවුන් සහනයක් ලබා දුන්නා.
ඇත්තෙන්ම තානාපති තුමාටත් එම නිලධාරීන්ටත් අබඩාබි රජයටත් ස්තුති වෙන්න ඕනා වීසා නැතිව මෙපමණ කාලයක් ඉදලත් කිසි දඩුවමක් නොවිද මේ ආකාරයෙන් සහන සලසා ඇයට ලංකාවට ඒමට අවසර දීම පිලිබඳව.
මෙතනදි තානාපති මහින්ද බාලසුරිය මහතාටත් එහි පළමු ලේකම්වරුන් වන විශ්ව දිසානායක, එම්.ඊ.ජී සමරවීර, තෙවන ලෙක්ම් රුවන් ගුණතිලක, භාෂා පරිවර්තක සුහාහිර් අලහර් සහ දුම්න්ද සතරසිංහ, අනුර ගුණසේකර යන සියළුම දෙනාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇය වෙනුවෙන් වෙහෙසුනාට.
ඒ වගේම ශාන්ත ජෝෂප් පල්ලියේ මීසම පාලක සවරි මුත්තු පිය තුමාට මා ඇය ගැන විස්තර කව්වා. මේ වන කොට ඇයට උවටරන් කරන්න් ගිහින් මට රැකියාවත් නැවතුනා. ඒ නිසා මා ලග තලාකු මුදලත් තිබුනේ නැහැ ඇයව ලංකාවට ගිනිහින් අරලින්න.
මම පියතුමාට කිව්වා ඈට කාත් කව්රුත් නැති නිසා මම ඇයව ලංකාවට අරන් ගිහින් ඥාතීන්ට බාර දෙන්නම් කියලා. පියතුමා මට ගුවන්ටිකට් පත් ලබා දුන්නා ඇයව රැගෙන එන්න.
ඇත්තෙන්ම මගේ යුතුකම දැන් ඉවරයි නමුත් ඇය ජීවත් කරවීමට නම් ඇයට අබුඩාබි රෝහලෙන් දුන් බෙහෙත එන්නත් කල යුතුයි. ඒ සදහා විශාල මුදලක් වැය වෙනවා. මා නැවත තව දින කිහිපයකින් අබුඩාබි යනවා. ඇත්තෙන්ම ඇය ගැන මට හරිම දුකයි.

