ලෝකයේ සුපිරි රැකියා හයක් සඳහා ඕස්ට්‍රේලියාව අයඳුම්පත් කැදවා ඇති අත. අයදුම්පත් භාර දීමේ අවසන් දිනයවූ බදාදා (10) වනවිට එම රැකියා හය සඳහා රටවල් 200කට ආසන්න ප්‍රමාණයකින් අයඳුම්පත් 330,000ක් ලැබී ඇති බව සිඩ්නි රොයිටර් වාර්තා කියයි.
ඕස්ට්‍රේලියා සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කොට කරණලද අයඳුම්පත් කැදවීමෙන් අර්ධ අවසන් වටය සඳහා අයඳුම් කරුවන් 18 දෙනෙකු තෝරා ගන්න්නා අතර ඔවුන්ට ඕස්ට්‍රේලියාවේදී අවසන් වටයට මුහුණ දීමට සිදු වෙයි.
තමන් මේ රැකියා සඳහා අයදුම් කිරීමට ඉදිරිපත්වූයේ ඇයිද යන්න ගැන තප්පර 30ක වීඩියෝවක්ද නිර්මාණය කළ යුතුය.
අවසන් 18 දෙනාගෙන් හය දෙනකු තොරා ගෙන ලබන ජුනි මස 21වන දින නම් ප්‍රසිද්ධ කරන බව සංවිධායකයෝ කියති.