රැකියා විරහිත උපාධිධරයෝ කොළඹ එති


රට පුරා විසිරී සිටින රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද (2) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණි.

2012 අප්‍රේල් සිට මේවන විට 30000කට ආසන්න උපාධිධරයන් රැකියා විරහිතව සිටින බවත් 2017 අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලති. ගුරු පුරප්පාඩු 32000ක් හා තොරතුරු නිලධාරී තනතුරු 8000ක් ද සංවර්ධන නිලධාරී පුරප්පාඩු 10000කට ආසන්න ප්‍රමාණයක් ද ඇති බවත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියෝ කීහ.

සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා දෙන වැඩපිළිවෙළක් සැකසීම, බඳවා ගන්නා වයස් සීමාව අවුරුදු 45 දක්වා වැඩිකිරීම, සියලු පළාත්වල සිටින ගුරු විභාග සමතුන්ට පත්වීම් ලබාගැනීම, රැකියා දීමට අදාළව දේශපාලන මැදිහත්වීම නතර කිරීම, වාර්ෂිකව රැකියා දෙන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ආදී ඉල්ලීම් ඔවුහු ඉදිරිපත් කළහ.

IMG_5782 IMG_5783 IMG_5790 IMG_5806 IMG_5810