‘ඇවන්ගාඩ් සමාගමට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් එම සමාගමේ වැඩ කරන සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කරන්න හදනවා.‘ යැයි ඇවන්ගාඩ් සුරැකීමේ සංවිධානය මාදිවෙල සමනල හෝටලයේ දී අද පැවැත්වූ මාධ්‍ය හමුවක දී කීවේය.
එහි කැඳවුම්කරු නිලන්ත ජයවීර, කමල් ගමගේ, අනුර ආරියරත්න, එරික් වීරසිංහ, චන්න රණසිංහ, කපිතාන් නිලුපුල් ඇතුළු පිරිසක් එම මාධ්‍ය හමුවට එක්වූහ.
2011 ජූලි මාසයේ ආරම්භ වූ ඇවන්ගාඩ් සමාගම පසුගිය 13 වැනි දා තෙක් නිසි පරිදි ගිවිසුම් ගත වී රජයට අනුබද්ධ රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග එක්ව ව්‍යාපාර කටයුතු කරගෙන ගිය බව ද එම සංගමය කියයි.
(ජායාරූප හා විඩීයෝ - ඉෂංක සුනිමල් )






