හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ ආර්.කේ.චන්ද්‍රානන්ද ද සිල්වා මහතා වෙනුවෙන් උපහාර වැඩසහනක් හෙට (22) සවස 3.30ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවකුවන චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි. කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කළ චන්ද්‍රානන්ද ද සිල්වා මහතා මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ උන්නතියට ද මහත් සේවයක් කළේය.
මෙම ගුණ සමරු උත්සවයේ විශේෂ දේශනය පවත්වනු ලබන්නේ රාහුල ආදි සිසු සංගමයේ කොළඹ ශාඛාවේ වත්මන් ලේකම් හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසිනි.

