රාසමාණික්කම්ගේ මාස දෙකක මන්ත්‍රී වැටුප විපතට පත්වූවන්ට




(සුජිත් හේවාජුලිගේ)

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී  ෂානක්කියන් රාසමාණික්කම් මහතාගේ මාස දෙකක වැටුප ආපදාවෙන් විපතට  පත් වූ ජනතාවට නිවාස  සාදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට තීරණය කර ඇත.

ආපදාව වෙනුවෙන් වැය කිරීමට මහා භාණ්ඩාගාරයේ ප්‍රමාණවත්  මුදල්  නොමැති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින්  ජනතාවට නිවාස සාදා ගැනීම සඳහා මෙලෙස වැටුප් පරිත්‍යාග කරන බව පැවසූ  මන්ත්‍රීවරයා  ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලේ ඇති මුදල් ද මේ සඳහා යොදවන ලෙසට ඉල්ලීමක් කළේය.