රාජිනි, ඇමි එක්ක නටලා


2016-10-05-ent-03

ලබන වසරේ තිරගත වීමට නියමිත ‘එන්දිරන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් ‘2.0’ චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් පසුගියදා ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළේදී රූගත කළ බව සඳහන් වෙනවා. මෙහි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස අදටත් හඳුන්වන රාජිනිකාන්ත් හා මහා බ්‍රිතාන්‍ය නිරූපිකා ඇමී ජැක්සන් දෙදෙනාය.

‘ලයිෆ් ඔෆ් බොලිවුඩ්’ වෙබ් අඩවිය පවසන්නේ මේ ගීතය පමණක් රූපගතකරන්නට මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට ඉන්දීය රුපියල් කෝටි 20කට අධික මුදලක් වැය වූ බවයි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා මේ වනවිටත් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

මෙම චිත්‍රපටයේ නර්තනයේ යෙදුණ රාජිනි මේ වන විට 65 වැනි වියෙහි පසුවන අතර, ඇමි 24 වැනි වියෙහි පසුවීම විශේෂත්වයක්.