රාජිතට සැත්කමක්


සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කළ යුතු යැයි සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල නියම කැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.

හෙට පෙරවරුවේ සැත්කම සිදුකිරීමට නියමිත බවත් එය හදිසි සැත්කමක් නොවන බවත් රුධිර නාලයක සාමාන්‍ය අවහිරතාවයක් හේතුවෙන් එය සිදුකිරීමට නියමිත බවත් කියති.