
(රෝෂන් තුෂාර)
පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අගෝස්තු 29 වැනි දින අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (20)නියෝග කළාය.
වරෙන්තු ලබා සිටින රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට මාසයකට අධික කාලයක් තිස්සේ උත්සාහ දැරුවද සැකකරු දිගින් දිගටම සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීම අසාර්ථක වී ඇති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1)උප වගන්තිය යටතේ සිංහල හා දමිළ භාෂාවෙන් මෙම නියෝගයට නිකුත් කළාය.
රාජිත සේනාරත්න මහතා සැකකරු කරමින් අල්ලස් කොමිසම විසින් පවරන ලද පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවට හා එම පැමිණිල්ල ප්‍රකාරව ලබන 29 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්විය යුතු බවට නියෝග කරමින් මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.
අධිකරණය මගින් නිකුත් කළ මෙම නියෝගයට අදාළ ප්‍රකාශනය සැකකාර රාජිත මහතා පදිංචි හා ගැවසෙන ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේද නියෝගයට අදාළ ප්‍රකාශනය ප්‍රදර්ශනය කෙරේ.

