“මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිබෙනවා. විශේෂයෙන්ම මිග් ප්‍රහාරක යානා ගනුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබදව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධීන් පිළිබදව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිබෙනවා. ‘‘ යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ටෙලිකොම් මෑන් පවර් සේවකයන් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වර්ජනයට තමා සහාය ලබා දෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහායද ලබා දෙන බවත් ඔහු පවසයි.
‘‘ඇතැම් නිලධාරීන් නිසි පරිදි රාජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.” යැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
"ටෙලිකොම් මෑන් පවර් සේවකයින් රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති වැඩවර්ජනයට මමත්, පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාත් සහයෝගය ලබාදෙනවා. නීතිමය සහායත් ලබා දෙනවා. මොකද යහපාලන රජය නිර්මාණය කිරීමට ඔවුන් දැඩි කැපවීමක් සිදු කළා.” යැයි ඒ මහතා පවසයි.

