රාජිත සිංගප්පූරුවට


සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද  සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඔහු සමග පස් දෙනකු ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.

ඇමැතිවරයා පෙර දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්වී ප්‍රතිකාර ලබමින් සිටියේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් සේනාරත්න මහතා බැලීමට එම රෝහලට ආහ.

ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි.

සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය අබවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක මහතා කීවේය.