රාජිත රෝහලේ


සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇතැයි රෝහල් ආරංචි කියයි.

ඔහු බැලීමට අද සවස දේශපාලකයන් කිහිප දෙනකුම එම රෝහලට ගොස් තිබේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු සෙනසුරාදා (20) හෝ ඉරිදා (21) සිංගප්පූරුවට ගෙන යනු ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳ කළ විමසීමක දී ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි.

සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය අබවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක මහතා කීවේය.