
(රෝෂාන් තුෂාර)
මහාධිකරණය මගින් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත් බන්ධනාගාර බසයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අතර මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේ රඳවා ඇත.
කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් නඩුවකට පෙනී සිටී රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද පෙරවරුවේ නියෝග කළාය.
රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහැර සිටින සැකකරුවකු බවත්,කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින පුද්ගලයෙකු බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මේසේ රක්ෂිත බන්ධනාගාර ගත කළාය.
ඡායාරූප ළහිරු හර්ෂණ







