නහර දෙකක තිබූ අවහිරතාව සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පවුලේ ආරංචි කියයි.
ඒ මහතා බැලීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රජයේ විශේෂ නියෝජියකු ලෙස සහභාගී වූ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපතිද සිංගප්පූරුවට ගියේය.
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටි සේනාරත්න මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය සතියේ විදේශ ගත විය.
ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ උපන්දිනය සැමරුවේ ද එම රෝහලේදීම ය.

