රාජිත චමල් මුරුංගා අත්තට නංවයි


‘1970 දි දැකපු  චමල්   රාජපක්ෂ  මහතාම තමයි  අදත්  ඉන්නේ. ඔහු   කිසි දිනක වෙනස්  වුණේ   නැහැ.‘ යි   සෞඛ්‍ය ඇමැති දොස්තර  රාජිත  සේනාරත්න  මහතා   ස්වර්ණවාහිනියේ   “මහජන සේවය පිණිසයි‘ වැඩ   සටහනේ  දි  පැවැසිය.

මහින්ද  රාජපක්ෂ  මහතාට   මහරජාණෝ යනුවෙන්  ගීත  ගායනා   කළ  බවත්,  ඔහු වාහනයේ ගමන්   ගනිද්දිත්  එම  සින්දුව අහමින් ගිය  බවත්  තමන්   පරාජය   වුණේ  ඇයිද  යන්න  කිසිදු ඒකාධිපතියෙකු අදටත්   නොදන්නා   බවත්  ඇමති  කීවේය.

‘දිනක්   චමල්   රාජපක්ෂ  මහතා   තමන්  සමඟ  කතා  කළා.   එදා  අපි  ළඟ හිටි   උදවිය  අද  නැති   බවත්,  අද    ඉන්නේ   ටෙන්ඩර්   කාරයින්   නිසා   තමන්  අරලියගහ මන්දිරයට  යාම  නවත්වා   දැමු  බව  ඔහු  කීවා.‘

රටේ  සිදුවන අපරාධ  කලින්ම  දුටු   චමල්   රාජපක්ෂ   මහතා   එදා  වාගේම  අදත්   සිය දින චර්යාව පවත්වාගෙන යන  බවත්, ගතිපැවතුම්   ඇදුම්  පැළදුම්  එදා   වාගේම අදටත්  එසේම  බවත්   ඒ නිසා   ඔහුට  සෑම දෙනාගේම  ගෞරවය    හිමි වි   ඇති  බවත් හේ සඳහන්  කළේය.