සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළු කරනු ලැබූ බව ඔහුගේ සමීපතමයෝ පවසති.
අද සවස ඔහු විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.
එම පරීක්ෂණයෙන් පසු ඔහුට වැඩිදුර ප්‍රතිකාර කරනවාද යන්න තීරණය කරනු ඇතැයි දැගන්නට තිබේ.
සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවසුවේ ඇමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.
ඇමැතිවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කිසිදු ගැටළුවක් නැතිව සිටින බව ද ඔහු කීවේය.

