සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිපිගොනු ගනුදෙනු කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය සේවා කමිටුවක් ස්ථාපිත කරනු ලැබ ඇත. එම අමාත්‍යංශයේ ලිපිගොනු ප්‍රමාද වීම වැලැක්වීම සඳහා මේ පියවර ගෙන තිබේ.
ඩී එම් බන්දුසේන මහතා එහි සභාපතිවරයා වන අතර එස් පී වෙල්ලපිල්ලි මෙනවිය සහ වෛද්‍ය සී කේ ෂන්මුගරාජා මහතා සෙසු සාමාජිකයෝ වෙති. කමිටුවේ ලේකම් ලෙස ඩච් ඩ් ඩී සී ජයසේකර මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය.
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ ඉල්ලීම පරිදි මෙම කමිටුව පත් කර ඇති අතර එම පත්වීම් ගැන රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට ලිඛිතව දන්වා තිබේ.

