
(අංජුල මහික වීරරත්න)
නටබුන් වී ඇති රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය තුළින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වත්මන් රාජ්‍ය සේවයට ඇත්තේ නටබුන් වූ ඉතිහාසයක් පමණක් බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය(2025-2029)හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(19) පැවැති උත්සවයේදීය.
පුරවැසියන් රාජ්‍ය සේවය ගැන තෘප්තිමත් නැති බව කී ජනාධිපතිවරයා රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිද බව පිළිබඳ ගැඹුරු අර්බුදයකට මුහුණ දී තිබෙන බව සඳහන් කළේය.
" අප ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය විය යුත්තේ ඩිජිටල්කරණයයි.ඩිජිටල්කරණයෙන් මිනිස් සබඳතා නැතිවේවි යැයි ඇතැමුන් කියනවා.මිනිස්සු ස්වභාවිකවම හැඟුම්බරයි.සමාජ සබඳතාවලින් පිරිලා. ඒ නිසා එහෙම දෙයක් වෙන්නේ නෑ. යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

