රාජ්‍ය වෙසක් උත්සවය මහියංගනයේ දී


2015 රාජ්‍ය වෙසක් උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද (04) ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

මහියංගනය රාජමහා විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශය මේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නිර්මාණය කළ සමරු මුද්දරය තැපැල් ඇමැති එච් එම් හලීම් මහතා ජනපතිට පිරි නැමීය.

කොටි ත්‍රස්තවාදීන්ගේ අරංතලාව භික්ෂූ ඝාතනයේ දී දිවි ගලවා ගත් එකම ස්වාමීන්වහන්සේ වන ආඳාඋල්පත බුද්ධසාර හිමියන්ගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ජනපති මුදල් පරිත්‍යාගයක් ද කළේය.

ඇමැති කරු ජයසූරිය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද උත්සවයට පැමිණ සිටියහ.

RDS_6201 RDS_6259 RDS_6263 RDS_6279 RDS_6284 RDS_6290 RDS_6291 RDS_6299 RDS_6324 RDS_6326 RDS_6330 RDS_6334