පකිස්ථානයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන 18කට ඔවුන්ගේ මෙහෙයුම් නවත්වා දින 60ක් ඇතුළත රටින් පිටත්විය යුතු බවට පකිස්ථාන රජය නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් එම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා මාස 6කට පසු නැවත අයදුම් කළ හැකි බව දන්වා ඇත.
2007 වසරේ ද මෙලෙසම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට පකිස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නද බටහිර රටවල මැදිහත් වීම හේතුවෙන් එම තීරණය වෙනස් කිරීමට පකිස්යථානයට සිදුවිය.
මෙම තීරණය සම්බන්ධව පකිස්ථානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සිය කණගාටුව පළකර ඇති අතර ඔවුන් පවසන්නේ පකිස්ථානයේ අසරණ වූ දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවට තමන්ගේ පිහිට නොලැබී යනු ඇති බවයි.
මෙය පකිස්ථානයේ සිවිල් සමාජයට එල්ල වෙමින් පවතින ප්‍රහාර වල කොටසක් බවද ඔවුහු තවදුරටත් සඳහන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)