දෙවැනි එළිසබත් මහ රැජිනගේ පුත් චාර්ලස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරියද සමග ජනපතිවරු හතර දෙනෙකු උප ජනපතිවරු පස් දෙනෙකු සහ අගමැතිවරු පස් දෙනෙකුද ඇතුළුව රාජ්‍ය නායකයින් 16 දෙනෙකු බ‍්‍රහස්පතින්දා සවස් වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති බව වාර්ථා වෙයි.
අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කඩි ගුලක සිරි ගත් අතර මෑත ඉතිහාසයේ මෙතරම් කාර්‍ය බහුල දිනයක් දැකිය නොහැකි විය.
ශ‍්‍රී ලාංකිකයන්ගේ ආවේනික සිනහව සමග ආයුබෝවන් කියමින් දෑත් එකතු කර අමුත්තන් පිළිගැනීම කැපී පෙනිණි.
සියළුම රාජ්‍ය නායකයෝ රතු පලස මතින් උඩරට නැටුම් වැයුම් මැද කැඳවා ගෙන එනු ලැබුහ.
දිවයිනට පැමිණි රාජ්‍ය නායකයෝද, අමුත්තෝද නව අදිවේගී මාර්ගයෙන් කොළඹට ආහ.