(මනෝජ් හර්ෂික)
මෛත්‍රී,රනිල්,මහින්ද,චන්ද්‍රිකා රටේ නායකයින් ණය ලබාගෙන එම මුදල් නිසි අකාරව අදායම් ලැබෙන පරිදි යොදවා නොමැති බව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.
රටට මෙවැනි ඉරණමක් අත්වී ඇත්තේ මෙම නායකයින්ගේ දුර්වලතාවයක් නිසා බවද එහිදි ලාල්කාන්ත මහතා කියයි.
“1948ට පෙර තිබු එක දෙක දෙයක් පමණයි අද වෙනස් වෙලා තියෙන්නේ එදා සුද්දා රට පාලනය කළා.අද ඔවුන්ගේ උවමනාවට කලු සුද්දා රට පාලනය කරනවා.රටේ සල්ලි නැහැ කිය කිය රටේ සම්පත් ආර්ථික මර්මස්ථාන සුද්දාට විකුණනවා.අපි ඒවාට විරුද්ධ විය යුතුයි“යැයි ඒ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද(02) පැවති සමස්ත ලංකා සුවසේවා සංගමයේ 19 වැනි නියෝජිත සමුළුව අමතමිනි.

