( ප්‍රියංකර ජයසිංහ)
තල්,පොල් ,රබර් , රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිළධාරියකු කොරෝනා ආසාදිත වි ඇති බව අද (1) ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
මෙසේ කොරෝනා ආසාදිත වි ඇත්තේ ආණමඩුව තළාකොලවැව පදිංචි පොලිස් සැරයන් වරයකු බව කියයි.
රාජ්‍ය ඇමතිවරයා කොරෝනා ආසාදිත විමත් සමග අදාල පොලිස් සැරයන් වරයා නිරෝධායනයට ඔහුගේ නිවසේ යොමු කර සිටියදි සිදුකල ජෛව පටල පරික්ෂණයකින් පසු (පිසිආර්) මොහු ආසාදිත බවට සනාථ වි ඇති බව කියයි.
මෙම ආසාදිත පොලිස් සැරයන්වරයා කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

