අධිකරණ අමාත්‍යංශය, පොල් පරීක්ෂණ ආයතනය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළද සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සහ ස්වාධින රූපවාහිනියේ ඉහළ නිලධරයන් 13 දෙනකු ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම නියෝග කර ඇත.
එම ආයතනයන්හි වංචා හා දූෂණ හෙළි කර ගැනීමට ඔවුන් බාධා විය හැකි බව කොමිසම කියයි.
අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක, පොල් පරීකෂණ ආයතනයේ අධ්‍යකවරයෙක්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි, සමුපාකාර තොග වෙළද සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ රාජකාරි කරන මහියංගනය ප‍්‍රාදේශිය ලේකම්ව, ස්වාධින රූපවාහිනියේ තිදෙනෙක් එසේ ඉවත් කළ යුතු බව කොමිසම පවසයි.

