රාජ්‍ය ආයතන රැසක ලියැකියවිලි වතුරේ


 

(සුජිත් හේවාජුලිගේ)


රාජ්‍ය නිලධාරීන්ගෙන් සියයට අනුවක් පමණ  පසුගිය දිනවල ඇති වූ කාලගුණික විපතින් කුමන ආපදාවකට හෝ ගැටලුවකට මුහුණ දී සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.

රාජ්‍ය ආයතන රැසක ලියැකියවිලි  ගංවතුරට හසුව ඇතැයි කී අබයරත්න මහතා එම ආයතනවල කටයුතු පවත්වාගෙන යෑමට එය විශාල බාධාවක් වනු  ඇතැයිද  සදහන් කළේය

විනාශ වූ ලියකියවිලි නැවත සකස් කර ගැනීමට අමාත්‍යාංශය එම ආයතනවල ප්‍රධානීන්ට  දැනටමත් උපදෙස් ලබා දී ඇත.

ගංවතුර සහ කඳු කඩා වැටීම හේතුවෙන් රාජ්‍ය සේවකයන් රැසක් මියගොස් ඇති බවත්  එසේ මියගොස් ඇති සත්‍ය ප්‍රමාණය සොයා ගැනීමට සමීක්ෂණයක් කරගෙන යන බවත් අබයරත්න මහතා පැවසීය.

විවිධ ආපදාවන්ට ගොදුරු වූ රාජ්‍ය සේවකයන් රැසක් දැනටමත් සිය සේවා ස්ථානවලට වාර්තා කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට  චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් ඒ චක්‍රලේඛ උපදෙස් පරිදි ලේකම්වරුන්  අදාල වියදම් දරනු ඇති බවත්  අමාත්‍යවරයා කීය.

හදිසි ආපදාවෙන් රාජ්‍ය ආයතන වලට සිදුවූ හානිය තක්සේරු කරගෙන යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.